සෑම කාන්තාවකටම වැලදෙන කැන්ඩිඩා රෝගය ගැන දන්නවද

කාන්තාවන්ට බහුලවම වැලඬෙන දිලීර ආසාදන අතර කැන්ඩිඩා රෝගයටත් වැඩි අවධානයක් යොමු වෙනවාග මෙය අප හඳුනා ගන්නේ උල්ලෝගම් ආසාදනය නමිනිග කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද ඇතිවිය හැකි නමුත් මෙහි වැඩි ප්‍රවණතාව පවතින්නේ කාන්තාවන්ටයිග
දිලීර ආසාදන

කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන මෙම දිලීර ආසාදනයට වැඩි අවධානයක් යොමු කළ යුතුමයිග කාන්තාවකගේ ජීවිත කාලයේ කිනම් හෝ අවධියකදී බොහෝවිට ඇයට මෙම තත්ත්වයට මුහුණපෑමට සිදුවෙයිග යෝනි මාර්ගය ආශ්‍රිතව පමණක් නොව සම මතල දිව හා මුඛය ආශ්‍රිතවල උගුරල ගලනාලය ආශ්‍රිතව පවා මෙම දිලීර ආසාදනය ඇතිවිය හැකියිග නමුත් මේවා නිතරම දැකීමට අපහසුයිග මෙය බහුලවම ඇතිවන්නේ සම මත හා යෝනි මාර්ගය ආශ්‍රිතවයිග
ඇතිවීමට බලපාන හේතු

සම මත සිටින දිලීරයක් කැන්ඩිඩා ඇතිවීමට බලපෑම් කරයිග තම ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන වීම හා දිගටම ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් බැක්ටීරියා විනාශ වී දිලීර වර්ධනය වීම වැනි හේතූන්ද කැන්ඩිඩා ඇතිවීමට බලපෑම් කරයිග
එච්ගඅයිගවීග ආසාදිත රෝගීන් හා දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම නිසාත් නිතරම ප්‍රතිජීවක ඖෂධ ගැනීමත් කැන්ඩිඩා ඇතිවීමට හේතු වෙයිග උපත් පාලන පෙති ගැනීමෙන් ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්වීමත් මෙයට අදාළ හේතූන්යග තෙතමනය සහිත යට ඇඳුම් භාවිතය හා නිතර දහදිය දැමීමෙන්ද දිලීර ආසාදන තත්ත්ව ඇතිවිය හැකියිග
ගර්භණී සමයේ සිටින කාන්තාවන්ගෙන්ද මෙවැනි ආසාදන තත්ත්ව දැකිය හැකි වන්නේ එම කාලයේදී හෝමෝනවල වෙනස්කම් ඇතිවන නිසයිග
රෝග ලක්‍ෂණ

කාන්තාවන්ට බහුලවම වැලඬෙන කැන්ඩිඩා යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වුවහොත් එම ප්‍රදේශයේ කැසීමක් ඇතිවීම දැකගත හැකියිග මීට අමතරව
x සමේ රතු පැහැගැන්වීම

x බිබිලි ඇතිවීම

x කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් තද සුදු පැහැයට :මුදවපු කිරි පැහැති* ශ්‍රාවයක් පිටවීම

x මුත්‍රා කිරීමේදී දැවිල්ල ඇතිවීම වැනි ලක්‍ෂණද පෙන්නුම් කරයිග යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයක් නිසා මෙය ලිංගික චර්යාවන්ට පවා බාධා ඇති කරන අවස්ථා පවතියිග
ප්‍රතිකාර

ඉහත සඳහන් කළ රෝග ලක්‍ෂණ ඔබට පවතියි නම් වහාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු හෝ ලිංගාශ්‍රිත රෝග සායන වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නග මුඛය ආශ්‍රිතව රෝග මතු වුවහොත් නිසි දන්න වෛද්‍යවරයකු වෙත ගොස් හෝ ප්‍රතිකාර ලබා ගැනීමට හැකියිග

කැන්ඩිඩා දිලීර රෝගයක් නිසා මෙයට විවිධ ප්‍රතිකාර ක්‍රම පවතියිග මේ සඳහා ආලේපන ඖෂධ හෝ වෙනත් පෙතිද නිර්දේශ කළ හැකියිග සමේ ඇතිවන ආසාදනයක් නම් සුදුසු ආලේපනද වෛද්‍ය නිර්දේශයෙන් ලබාගත හැකියිග
වරින් වර ඇතිවීම

කාන්තාවන්ගෙන් 10‍්‍රත් 20‍්‍රත් අතර පිරිසකට ලිංගිකව සක්‍රිය වන කාලයේදී මෙම රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වයිග රෝග ලක්‍ෂණ නැතිව වුවත් එය ශරීරය තුළ පැවතීමට හැකියිග කලින් සඳහන් කළ ආකාරයට ප්‍රතිකාර කළද නැවැත නැවැතත් කැන්ඩිඩා ඇතිවන අවස්ථා ඇතග මෙවැනි අවස්ථාවක ඔබ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුයිග එවැනි අය තද යට ඇඳුම් ඇඳීමෙන්ල නයිලෝන් ඇඳුම් භාවිතය හා සැර සබන් ආදිය භාවිතයෙන් ඈත්විය යුතුයිග

ශාලිකා රංගනී සමරදිවාකර

උපදෙස් ථ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍ය සමින්ද්‍රා රණසිංහ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Related Post

[sg_popup id=2]

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *