ලෙඩ අඩු කරන හැඩ වැඩි කරන ඔලිව් තෙල්

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම් ඖෂධීය ගුණයක් මෙය සතුයි. රුධිරයේ මේද උෂ්ණත්වය අඩු කර රුධිර ගමනාගමනක්‍රියාවලියට උත්තේජනයක්ද මින් ලබාදෙයි. ඔලිව් තෙල් දිනකට මේස හැඳී 2ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවට එය ඉවහල් වෙයි. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඖෂධයක්.

ඔස්ටියෝපොරෝසිස්

ඔලිව් තෙල් නිතර ආහාරයට එක් කර ගන්නේ නම් අස්ථීවලට ඛනිජ ලවණ ආදිය පහසුවෙන්ම අවශෝෂණ කරගත හැකියි. කැල්සියම් අවශෝෂණය මේ මඟින් වැඩි වන අතරම ඔස්ටියෝපොරෝසිස් අවදානමින්ද අත්මිදිය හැකිය.

දියවැඩියාව

ශරීරයට හිතකර සන්තෘප්ත මේදය ඔලිව් තෙල්වල අඩංගුයි කාබෝහයිඩ්‍රේට්, ජලයේ දියවන කෙඳී සහිත පලතුරු, එළවළු හා ධාන්‍ය වර්ගද දියවැඩියා අවදානම පාලනය කරයි. මේ අකාරයටම ඔලිව් තෙල් රුධිරගත සීනී මට්ටම පාලනය කිරීමටද උපකාරී වෙයි.

සමේ නිරෝගී බවට

ඔලිව් තෙල්, ලූ‍ණු ස්වල්පයක් සමඟ මිශ්‍ර කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ, ඇක්නි, බ්ලැක් හෙඩ්ස් හා වයිට් හෙඩ්ස්වලට සත්කාරයක් ඔබටම සාදා ගත හැකියි. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමේ ගුණයද එය සතුයි. ඔබට ඇත්තේ වියළි සමක් නම් මුහුණ හා හැකි නම් මුළු සිරුරට ඔලිව් තෙල් ස්වල්පයක් ගල්වා සම්බාහනය කරන්න. එමඟින් සමට තෙතමනයක් හා නිරෝගී පැහැපත් බවක් ලබා ගන්නත් හැකියාව පවතියි.

හිසට හා සමට තෙතමනය

වියළි බව නිසා ඔබ තවමත් පීඩා විඳියි නම් හිසේ ඇතිවන හිස්හොරිවලටත් ඔලිව් තෙල් හොඳ විසඳුමක්. ඔලිව් තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩු මඟින් සියුම්ව රවුම් ආකාරයට සම්බාහනය කිරීමෙන් ඔබේ හිසකෙස්වලට දිදුලන නිරෝගි බවක් ලබා ගත හැකියි. සතියකට වරක් හෝ ස්නානයට විනාඩි 30කට පෙර මෙම සත්කාරය සිදු කිරීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල අත් කර ගත හැකියි.
ඇතැම් අය ඔලිව් තෙල් රත්කර හිස සම්බාහනය කිරීමට යොදා ගන්නා නමුත් මෙය වැරැදි ක්‍රියාවකි. ඉන් සිදුවන්නේ එහි අඩංගු ගුණය නැසීයෑමකි.

 

Related Post

[sg_popup id=2]

Related Post

One Response to ලෙඩ අඩු කරන හැඩ වැඩි කරන ඔලිව් තෙල්

  1. Jessalyn says:

    carissimo miguel serras pereiraninguém quis excluir daniel Oliveira; apenas sugeri que as suas teses sejam consideradas da ala direita social democrata. Nada mais que isso. É que para a direita em geral, como disse, é divertidissimo considerar o colunista do Expresso como sendo de extrsma-eequerda. Só opinei no sentido de desfazer o embuste. Não está em causa a liberdade de se poder expressarcumpr.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *