ලිංගික ගැටළු ඇති නොවීමට නම් සෑම විවාහක යුවළක්ම මේ ප්‍රශ්න 3ක් ගැන දැනුවත් වෙන්න.

ලිංගික ගැටළු ඇති නොවීමට නම් සෑම විවාහක යුවළකම පිළිතුරු සපයා ගත යුතු ප්‍රශ්න 3ක්.

සෑම අතින්ම පරිපූර්ණ විවාහක යුවළක් සොයා ගැනීම සැබැවින්ම කළ නොහැකි දෙයක්. එකිනෙකට වෙනස් අදහස්වලින් පමණක් නොව එකිනෙකට වෙනස් සිරුරුවලින්ද සමන්විත පුද්ගලයන් දෙදෙනෙකු විවාහය තුළදී එක්වන නිසා ඇතැම් අවස්ථාවල ගැටළු පැන නැගීම අතිශයින් සාධාරණයි. අදහස්වල ඇති වන ගැටීම් පහසුවෙන් කතා බැහැ කර විසඳා ගැනීමේ හැකියාව බොහෝ අයට තිබුණත් ලිංගික කටයුතු පිලිබඳ ඇතිවන ගැටළු එසේ කතා බහ කර විසඳා ගැනීමට බොහෝ දෙනා පැකිළෙන බවක් දකින්නට පුළුවන්. ඒ නිසා සිදුවන්නේ ඉතාම සුළු සිදුවීමක් ඇතැම් විට දික්කසාදය දක්වා දුරදිග යාමට හේතු සලසා දීමයි.

පහත දැක්වෙන්නේ විවාහ දිවිය තුළ ඇතිවන ලිංගික ගැටළු හා අඩුපාඩු මග හරවා ගැනීම වෙනුවෙන් සෑම යුවළක් විසින්ම පිළිතුරු සපයා ගත යුතු ප්‍රශ්න තුනක්, ඔබ දෙදෙනා ලිංගිකව හැසිරෙන්නේ හරි හේතූන් නිසාද?
විවාහ දිවියක ලිංගික හැසිරීම් සිදුවිය යුත්තේ ආදරය, සෙනෙහස හා අන්‍යෝන්‍ය බැඳීම වැඩි දියුණු කරගැනීමේ අරමුණින්. ඔබ ඇත්තටම ඔබේ සහකරු/සහකාරිය සමඟ ලිංගිකව හැසිරීමෙන් සතුටක් ලබනවාද? එකිනෙකාට සමීපව සිටීමෙන් ඔබ දෙදෙනා සහනයක් ලබනවාද? එසේ නැතිනම් ඔබ ඔවුන් හා ලිංගිකව හැසිරෙන්නේ කැමැත්තකින් නොව හුදෙක් විවාහය රැක ගැනීමේ අරමුණින් පමණක්මද? මේ ඔබ විසින් ඔබෙන්ම අසා දැනගත යුතු ප්‍රශ්න කිහිපයක්. ඔබේ හැඟීම් නිවැරදිව වටහා ගත් පසු සහකරු/සහකාරිය සමඟ මේවා පිලිබඳ විවෘතව කතා බහ කර ඔවුන්ගේ අදහස් ලබා ගැනීමද සිදු කළ හැකියි., එකිනෙකා සමඟ සමීපව ගෙවීමට ඔබ සතියකට කොපමණ කාලයක් වෙන් කරනවාද, ඔබ දෙදෙනාම රැකියා කරනවා වන්නට පුළුවන්. කාර්ය බහුල වන්නටත් පුළුවන්. දරුවන් සිටිනවානම් මේ තත්වය තවත් සංකීර්ණ වනවා. එහෙත් විවාහ දිවියක සතුට මෙන්ම යහපත් ලිංගික දිවියක් සඳහා තිබිය යුතු ප්‍රධානම සාධකය වන්නේ ද ඔබ දෙදෙනා කොතරම් සමීපව කාලය ගත කරනවාද යන්නයි. ඉතින් කල්පනා කර බලන්න ඔබේ සහකරු/සහකාරිය වෙනුවෙන්ම ඔබ සතියකට කොතරම් කාලයක් වෙන් කරගෙන තිබෙනවාද? ඔබ දෙදෙනා පමණක් සතුටින් සැහැල්ලුවෙන් කොතරම් කාලයක් ගෙවා තිබෙනවාද යන්න.

ඔහුගේ/ ඇයගේ සැබෑ අවශ්‍යතා මොනවාද, ලිංගික ආශාවන් කාලයත් සමඟ වෙනස් වනවා. ඉතින් ඔබේ සහකරු/සහකාරිය මීට කලකට ඉහත කැමැත්ත දැක්වූ දෙයකට වර්තමානය වන විට අකමැති වන්නට පුළුවන්. සමහරවිට අලුත් දෑ අත් හදා බැලීමට ඔවුන් කැමැත්තක් දක්වනවා වන්නට පුළුවන්. විවෘත සාකච්ඡාවක් මගින් මේ සියලු දේ පිලිබඳ දැනගැනීමට ඔබට හැකියි. ඒ සඳහා කිසිසේත්ම ලැජ්ජා විය යුතු නම් නැහැ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Related Post

[sg_popup id=2]

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *