රුමැටොයිඞ් ආතරයිටිස් ගැන දන්නවාද?

රැුමැටොයිඞ් ආතරයිටිස් (ඍ්* යනු ඉතා බහුල සන්ධි ආශ‍්‍රිත රෝග (න්‍දසබඑ ාසිැ්ිැ* තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය. එබැවින් මෙය මේ වන විට වැඩි අවධානයට පත්ත්ව ඇති තත්ත්වයක් වන අතර තවමත් නිශ්චිත හේතුවක් සොයගෙන නැතත් ජානමය කරුණු (ටැබැඑසජ ේජඑදරි* මත ඇතිවන තත්ත්වයක් ලෙස පැහැදිලි කරනු ලැබේ. ඉතා බහුල වශයෙන් මෙය අවුරුදු 40ත් 60ත් අතර පුද්ගලයන් අතර බහුල වන අතර වැඩි වශයෙන් කාන්තාවන් තුල දක්නට ලැබෙයි. එය පිරිමින්ට වඩා 3න් ගුනයක් පමණ වේ.

ක්‍දබඑැබඑි ඤයසාැ%

1 රුමැටොයිඩ ආතරයිටිස් යනු..?
2 රුමැටොයිට් ආතරයිටිස් වල රෝග ලක්ෂණ මොනවාද..?
3 රුමැටොයිඞ් ආතරයිටිස් නිසා ඇතිවන සංකූලතා මොනවාද..?
4 රුමැටොයිඞ් ආතරයිටිස් සඳහා ප‍්‍රතිකාර මොනවාද..?

රුමැටොයිඩ ආතරයිටිස් යනු..?

රුමැටොයිඞ් ආතරයිටිස් යනු ශරීරයේ සන්ධි ආශ‍්‍රිතව ඇතිවන ප‍්‍රදාහක (ෂබකේපප්එදරහ* තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය සඳහා විවිද හේතු බලපැ හැකිවුවද ජානමය කරුණු වැඩි වශයෙන් බලපෑම් කරයි.

රුමැටොයිට් ආතරයිටිස් වල රෝග ලක්ෂණ මොනවාද..?

මෙම තත්ත්වයට බහුලව භාජනය වන්නේ අප ශරීරයේ පවතින කුඩා සන්ධි වේ. ඒ අතර අත්වල පළමු ඇඟිලි පුරුක්, වලලූ‍ කර, පාදවල ඇඟිලි පුරුක්, වැනි සන්ධි වේ. සමාන්‍යයෙන් ශරීරයේ දකුණු පස හා වම්පස සන්ධි සමානව මෙම තත්ත්වයෙන් බලපැමට ලක්වන අතර උකුල් සන්ධි , අක්ෂිය සැකිල්ලේ සන්ධි, දනහිස වැනි ස්ථාන මෙමගින් බලපැමට ලක්වන්නේ සුලූ‍ වශයෙනි.

තවද මෙම රෝගීන් බොහෝවිට උදෑසන අවදි වු විට අත් පා ආශ‍්‍රිතව සන්ධිවල ඇති වල දිගුවේලාවක් පවතින තදගතියකට මුහුණ දේ. තවද මෙම තත්ත්වය ව්‍යායාම මගින් අඩුවී යයි. තවද සන්ධිවල දීර්ඝ කාලීන ඉදිමුම හා වේදනාවද බහුල රෝග ලක්ෂණ වේ.
මීට අමතරවමද උණ ගතිය, දැඩි වෙහෙසකර බව, තෙහෙට්‍ටුව, බර අඩුවීම වැනි තත්ත්වද මේ සමඟ ඇති විය හැකිය.

රුමැටොයිඞ් ආතරයිටිස් නිසා ඇතිවන සංකූලතා මොනවාද..?

මෙම තත්ත්වය ප‍්‍රතිකාර නොකර දිගු කලක් පැවතීමෙන් විවිද සංකූලතා ඇතිවිය හැකිය. මෙහිදී සන්ධි වල විකෘති හා දිරායාම නිසා එදිනෙදා කටයුතු කර ගැනීම අපහසු වනු ඇත. ඊට අමතරව පේශි ඛණ්ඩරා පුපුරා යාම, ස්නායු තෙරපීම වැනි තත්ත්වද ඇතිවේ. එමෙන්ම සන්ධි හැරුණු විට වෙනත් විවිධ පද්ධතිද මෙමගින් බලපෑමට ලක්වේ. එමගින් පෙනහලූ‍ රෝග(ත්‍සඉරදිසි දෙ ඛමබටි*, හෘද රෝග(චැරසජ්රාසඑසි* මෙන්ම ස්නායු රෝගද ඇතිවිය හැකිය.

රුමැටොයිඞ් ආතරයිටිස් සඳහා ප‍්‍රතිකාර මොනවාද..?

මෙම තත්ත්වය කලින් හඳුනා ගැනීම තුලින් ඉතා හොද ප‍්‍රතිඵල අත්කර ගත හැකිය. එමනිසා ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වැදගත් වේ. එහිදී රෝගලක්ෂන, එක්ස් කිරණ(ඞ-ර්හ* පරික්ෂණ හා තවත් රුධිර පරික්ෂණ කිහිපයකට යොමුවීමට සිදුවනු ඇත.

මෙහිදී විව්ධ වේදනා නාශක, ෘඵ්ඍෘි මෙන්ම ජෛව ප‍්‍රතිකාරද මේ සඳහා යොදා ගනී.

ඔබට මේ සඳහා පවුලේ වෛද්‍යයවරයා මගින් සන්ධි රෝග පිලිබඳ වෛද්‍යවරයෙකු (ඍයැමපඑදකදටසිඑ* වෙත හෝ කාය රෝග(ඩච* වෛදයවරයෙකු වෙත යොමුවීම මගින් ප‍්‍රතිකාර ලබාගත හැකිය.

[sg_popup id=2]

2 Responses to රුමැටොයිඞ් ආතරයිටිස් ගැන දන්නවාද?

  1. Jodi says:

    Whoever wrote this, you know how to make a good arieclt.

  2. Trisha says:

    Do you plan on marrying your boyfriend? If you already plan on marrying him then I do87;n21&#t see the a problem with having sex with him and in sharing that experience. Before I was married I had dated my now husband for 3 years, and was engaged for 2 of those years, and we had sex.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *