නිරෝගිමත් කෙස් කළඹක් ලබා ගන්න ළූණු වලින් මේ සත්කාර කරන්න.

විටමින් බී 6, සී, මැග්නීසියම්, පොටෑසියම්, සල්ෆර් හා ජර්මේනියම් කෙස් සදහා හොද ප්‍රතිකාරයක් ලබා දේ., ළූණු හිසකෙස් සදහා ප්‍රයෝජනවත් වන්නේ කෙසේද, ළූණු යුෂ ලේ විෂ වීම ඉවත් කිරීමට බොහෝ උපකාරී වේ.එයින් ශරීරය හා හිස්කබල තුළ නිසිලෙස රුධිර සංසරණය ඇතිකරයි.මෙමගින් කෙස් වැටීම අවම කරලයි, ළූණු මගින් හිසකෙස් කැසීම හා හිස්හොරි නැතිකරලයි.ළූණු වල ඇති බැක්ටීරියා නාශක ගුණය නිසා හිස්හොරි හා කැසීම නැතිකරලයි.ඒ වගේම හිස් කබලේ ඇති කුණු ඉවත් කරලයි, ළූනු වල ඇති ජර්මේනියම් අන්තර්ගතය නිසා හිස්කබලේ ඔක්සිජන් සැපයුම වැඩි දියුණු කර සෞඛ්ය සම්පන්න කෙස් කලබක් ලබා දේ., ළූනු යුෂ පානය කිරීම , එළවළු වලට යොදා ආහාරයට ගන්නවට වඩා ළූනු යුෂ පානය කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැකිය.මොකද එමගින් හොද ඛනිජ ලවණ පෝෂණයක් ශරීරයට ලැබේ.එමගින් සෞඛ්ය සම්පන්න කෙස් කලබක් ලැබෙනවා පමණක් නොව ශරීරයේ ප්‍රතිෂක්තිකරණයද වැඩි කරලයි.කෙසේ වෙතත් ළූනු යුෂ පානය දිනපතා කළහොත් එය ගැටළුකාරී විය හැකිය.එම නිසා මෙම ළූනු සත්කාරය භාහිරව සිදුකල හැකිය.ළූනු මාස්ක් එකක් ලෙස භාවිතා කිරීම වඩා ප්‍රයෝජනවත් වනු ඇත.

01. ළූනු මාස්ක් : මෙය ඉතා පහසු ක්‍රමයකි.ළූනු පාප්පයක් ලෙස සකසා ගන්න.එම පාප්පය රාත්‍රි නින්දට යාමට පෙර අලේප කරන්න.මෙමගින් ඔබට පළමු දිනයේදීම ඔබගේ වියලි කොණ්ඩය සිනිදු වී ඇති අයුරු දැකගත හැකිය.උදෑසන ෂැම්පු හා කන්ඩිෂනර් භාවිතා කළ අයුරින්ම ඔබගේ කෙස් කලබ වෙනස් වේ.මෙය හොද ප්‍රතිඵලයක් ලබා ගැනීම සදහා සතියක් පමණ එකදිගට භාවිතා කරන්න.උදෑසන ෂැම්පු කන්ඩිෂනර් යොදා සෝදා හරින්න.

02. ළූනු යුෂ හා රෝස්මෙරී තෙල් :ළූනු යුෂ ස්වල්පයකට රෝස්මෙරී තෙල් බින්දු 4-5ක් එක් කරන්න.මෙම රෝස්මෙරී තෙල් මගින් හොද සුවදක් ඇතිවන අතරම කෙස් වර්දනයටද උපකාරී වේ.මෙයද රාත්‍රි නින්දට යාමට පෙර අලේප කර හොදින් සම්බාහනය කරන්න.මුළු රැයකම මෙය හිසේ තිබීමට ඉඩ හරින්න.උදෑසන ෂැම්පු කන්ඩිෂනර් යොදා සෝදා හරින්න.

03. ළූනු පාප්ප සහ අබ තෙල් : ළූනු ගෙඩි බාගයක් ගෙන කුඩාවට කපා පාප්ප කර ගන්න.එයට අබ තෙල් එකතු කර මිශ්‍රණයක් සාදා ඉහත සදහන් පරිදිම කරන්න.ළූනු මගින් දිළිසෙන කෙස් කලබක් ලබා දෙන අතරම අබ තෙල් මගින් කෙස් වල වර්ණය රදා පවත්වයි.

04. ළූනු පොතු හා හෙනා : ළූනු පොතු ගෙන හොදින් තලා හෙනා සමග මිශ්‍ර කර පාප්පයක් සාදා ගන්න.එම මිශ්‍රණය ස්නානයට පැයකට දෙකට පමණ පෙර ගලවා ස්නානය කරන්න. ඝන සහ සෞඛ්ය සම්පන්න කෙස් කලබකට මෙම සත්කාරය උපකාරී වේ.

වැදගත් කරුණු :මෙම සත්කාර සදහා ළූනු භාවිතා කිරීමේදී අලුත් ළූනු භාවිතා කිරීමට වගබලා ගන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

[sg_popup id=2]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *