නින්දට මිනිත්තු 10කට පෙර ඔබත් මේ දේවල් කරනවද? බලන්නන

ගෙදර‍දොර වැඩ කටයුතු හා කාර්යාල වැඩවල නිරත වන කාන්තාවන්ට නිදහසක් නැහැ. රාත‍්‍රියේදී ලබන සුව නින්දට පෙර මිනිත්තු 10ක් හෝ යම් කාර්යයන් කිහිපයකට වෙන් කළොත් රාත‍්‍රිය සුවදායක නින්දක් ලබන්න වගේම උදෑසන දවස ප‍්‍රබෝධයෙන් ආරම්භ කරන්නත් පහසු වෙයි

ආහාර භාජන සෝදා තබන්න
රාත‍්‍රි ආහාර පිටතින් ගන්නවාට වඩා පෝෂණීය යමක් නිවෙසේම පිළියෙල කර ගැනීම හැම අතින්ම සුදුසු දෙයක්. නමුත් ආහාර ගත් පසුව මේ සියලූ‍ භාජන සෝදා පිරිසිදු කර තබන්නත් අමතක කරන්න එපා. පසුදින උදෑසන ආහාර පිසීමටත්, කාලය ඉතිරි කර ගැනීමටත් එය පහසුවක් වෙයි. නින්දට පෙර මිනිත්තු කිහිපයක් හෝ මේ සඳහා වෙන්කර ගැනීම වැදගත් වන්නේ මේ නිසයි.

ඇඳුම් මාරු කරන්න
කාර්යාලයට ගොස් නිවෙසට ආ විගස ඔබේ පාවහන් හා ඇඳුම් ගලවා ඉවත් කරන්න. දවස පුරාම කාර්යබහුලව ගත කර නිවෙසට පැමිණි විට ඇඳුම් ඉවත් කර පිරිසුදු වීමෙන් සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් සුවයකි.

ශ‍්‍රව්‍ය දෘශ්‍ය සංගීත උපකරණවලින් ඈත් වන්න
කාර්යබහුල වන නිසා මනසට දැනෙන ආතතියෙන් මඳකට හෝ ඈත් වීමට වීඩියෝ ගේම්, ඞී.වී.ඞී. පට හෝ සංගීතයට සවන් දීමට ඇතැම් අය පුරුදු වී සිටිනවා. නමුත් නින්දට යෑමට පෙර රූපවාහිනි, ගුවන්විදුලි යන්ත‍්‍ර යන සියල්ල ක‍්‍රියා විරහිත කර තබන්න.

ලැයිස්තුවක් හදාගන්න
මේ අදහස ඇතැම් විට ඔබට විහිළුවක් විදියට දැනෙන්නත් පුළුවන්. නමුත් ඉදිරි දිනයේ වැඩකටයුතු ලැයිස්තුගත කර තබා ගැනීම ඔබේ කාලයද ඉතිරි කරවන්නකි. නින්දට යෑමට පෙර ඉදිරි දිනයේ කාර්යයන් සැලැසුම් කර තැබීම ඔබේ මනසටද සුවයක් ගෙනදෙයි.

Related Post

[sg_popup id=2]

Related Post

One Response to නින්දට මිනිත්තු 10කට පෙර ඔබත් මේ දේවල් කරනවද? බලන්නන

  1. Malerie says:

    Anette P skriver:hej Isa! Ja jag hittade din blogg genom att vi började prata med varandra på familjeliv då vi hade våra pojkar i magarna våra:-) du är fantastiskt duktig och kreativ och jag hoppas att ditt företag fortsätter att gå bra! Jag ska även ta mig för och köpa en varsin tavla till mina små älsklingar (vill ju iof ha en själv oxå) :-)Gott nytt år! kramar Anette (pegteltjejin)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *