ගැස්ට්‍රයිටීස් වලට ක්‍ෂණික සුවය ගෙනෙන සැවැන්දරා ඔසුවේ රහස මෙන්න

කඳුකර ප‍‍්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබෙන තෘණ පඳුරක් වගේ ශාකයක් තමයි සැවැන්දරා කියන්නේ. මේ ශාකයේ වෙනත් ශාකවලට වඩා පස් ඇතුළට මුල් ගමන් කිරීම ප‍‍්‍රබලයි. ඒ නිසාම මේ ශාකය පාංශුඛාදනය වළක්වන පසට හිතකර ශාකයක් ලෙසත් පිළිගන්න පුළුවන්.
ආයුර්වේදයේ භාවිත කරන ඖෂධ අතර ශරීරයට සිසිල් ගුණය වැඩිපුරම ලබාදෙන ඖෂධය තමයි සැවැන්දරා. ග‍‍්‍රීස්ම සෘතුවේදී අමෘතයක් ලෙස සලකන සැවැන්දරා මුල් මැටි කළයකට දැමුවොත් ඒ මැටි කළයෙ වතුර ගොඩක් සීතලයි. සිසිල් ගුණය වගේම සැවැන්දරා මුල් ඉතාම සුවඳයි. සැවැන්දරා මුල් මඳ පවනේ වියළාගෙන අල්මාරියෙ ඇඳුම් අතරට දැමුවොත් රෙදි ඉතාම සුවඳවත් වෙනවා. සුවඳ විලවුන්වලටත් වඩා සුවඳක් එමගින් ලබාගන්න පුළුවන්.

සමට ඉතාම හිතකර සැවැන්දරා මුල් මඳ අවුවේ වියළාගෙන ඒ මුල් නානවිට ඇග උලන්නට ගන්නව නම් ශරීරයට සිසිල් ගුණයක්, කාන්තිමත් බවක් ලැබෙනවා. සමහර නිවෙස්වල සුළං එන කවුළු අසල සැවැන්දරා මුල් එල්ලා තබා තිබෙනවා. ඒතුළින් බලාපොරොත්තු වන්නේත් නිවෙසට සිසිල් සුළගක් ගලා ඒමක්. ඇත්තටම ඒ ක්‍‍්‍රමවේදයන් සාර්ථකයි.

ශරීරයේ බාහිරව සහ අභ්‍යන්තරව හටගන්නා රෝග රැුුසකට ගුණදෙන ඖෂධයක් වන සැවැන්දරා මුල් කෂායක් ලෙස පානය කරනව නම් ජීර්ණ පද්ධතිය ආශ‍‍්‍රිත ඕනෑම රෝගයකට සුවයක් ලබන්න පුළුවන්. වමනය, ඔක්කාරය, බඩඑළිය යෑම වැනි රෝග තත්ත්වලදී සැවැන්දරා මුල් ස්වල්පයක් මුට්ටියකට දමා වතුර පත අටක් එයට මිශ‍‍්‍රකර පත එකට සිඳුවා උදේ සවස පත භාගය බැගින් බීම ඉතාම සුවදායකයි. ඒ වගේම සමහර කාලවලට ශරීරයෙන් පිටවන දහදිය දුගද ඉතාම වැඩියි. උෂ්ණ කාලවලදි විවිධ ආසාත්මිකතා නිසා එය සිදුවන්න පුළුවන්. එවිට සැවැන්දරා මුල් කෂාය දින කිහිපයක් උදේ සවස පානය කරන්න. දහදිය දුගඳ නැතිවෙන්න එය ඉතාම සාර්ථක ප‍‍්‍රතිකර්මයක්. සැවැන්දරා කෂාය බොනව නම් අජීර්ණ පද්ධතියේ රෝග ඉක්මනින් සුවඅතට හැරෙනවා. ආමාශයේ ඇසිඕ නිපදවීම අඩුකරන ඖෂධයක් නිසා අම්ලපිත්ත රෝගයටත් සැවැන්දරා කෂාය ගුණදායකයි.

බොහෝ පුද්ගලයන් විඳවන රෝගයක් තමයි තදබල අතීසාරය කියන්නේ. බෙලිගැට මඳ සහ සැවැන්දරා මුල් කොටස් එක බැගින් මුට්ටියකට දමා වතුර පත 8ක් එකට සිඳුවා පානය කළොත් අතීසාරය, බඩබුරුල් බව වැනි රෝගවලින් මිදෙන්නත් ඔබට පුළුවන්.

සැවැන්දරා කියන්නේ ඇගට සිසිලක් වගේම රුධිරය පිරිසුදු කිරීමටත් සුදුසු ඖෂධයක්. නෙල්ලි සහ රසකිඳ හොඳින් තම්බා පෙරා ගත් ඖෂධීය පානයට වියළි සැවැන්දරා මුල් කුඩු ස්වල්පයක් මිශ‍‍්‍රකර පානය කළොත් රසය සහ ගුණය තවත් වැඩි වෙනවා. ශරීරයේ රුධිරය පිරිසුදු කරන්නත් මෙය අගනා ඖෂධීය පානයක්.

ග‍‍්‍රීස්ම කාලෙදි ඇග දැවිල්ල, දහදිය බිබිළි දැමීම වැනි සමේ ආසාදන හට ගැනීම වැඩියි. එවිට සැවැන්දරා මුලක් මඳ අවුවේ වියළාගෙන කුඩුකර ඒ කුඩු උණු වතුර එකකට මිශ‍‍්‍ර කර කෝපි වගේ බොන්න. එහෙමත් නැතිනම් තැඹිලි ගෙඩියක ඇස්ස කපා එයට සැවැන්දරා මුල් කුඩු ස්වල්පයක් මිශ‍‍්‍රකර ඇස්ස වසා රැුුයක් පින්නේ තබා ඒ තැඹිලි වතුර එක පෙරා උදෑසන පානය කරන්න. දිනපතා මෙය සතියක් පමණ කළොත් සමේ ආසාදනවලින් මිදී දිනපතා සිසිලසක් ලබන්න ඔබට පුළුවන්.

සුගන්ධි මූල, ශීත මූල වැනි නම් වලිනුත් හඳුන්වන සැවැන්දරා මුල් සුවඳ විලවුන් සාදන්නත් යොදා ගන්නේ මේ මුල්වල පවතින සුවිශේෂී සුවඳ නිසයි. ්මිඑර්කස්, අප‍‍්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව වගේ රටවලත් සැවැන්දරා යොදාගනිමින් විවිධ නිෂ්පාදන සකස් කරනවා. සැවැන්දරා නිස්සාරණය කිරීමේ ක්‍‍්‍රමවේදයක් හරහා සුගන්ධවත් තෛලයක් ලබාගන්න පුළුවන්. තෙල් නිස්සාරණය කිරීමේ යන්ත‍‍්‍ර මගින් පමණයි සැවැන්දරා තෙල් ගන්න පුළුවන්. සැවැන්දරා තෙල් හිසේ ආලේප කළොත් හිසරද තත්ත්ව ඉක්මනින් සුවකර ගන්න පුළුවන්. ඒ වගේම හන්දි වේදනා, හන්දි ඉදිමුම්, තැළීම්වලටත් සැවැන්දරා තෙල් ආලේප කිරීමෙන් සුවයක් ලබන්න පුළුවන්.

අජීර්ණ තත්ත්ව, බෙඬ් වේදනාව වැනි උදරාශ‍‍්‍රිත රෝගවලට සුවයක් ලබාගන්න පුළුවන් ඖෂධයක් සැවැන්දරාවලින් සාදාගන්න පුළුවන්. මෙය ඖෂධීය කෂායක්.

පත්පාඩගම්, වියළි ඉගුරු. ඉරිවේරිය සහ සැවැන්දරා කළං 3 බැගින් අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත 8ක් මිශ‍‍්‍රකර පත එකට සිඳුවා උදේ පත භාගයක් සවස පත භාගයක් බැගින් උදේ සවස බොන්න. මෙය දින 6ක් පමණ අඛණ්ඩව සිදු කළොත් අම්ලපිත්ත වැනි උදරය ආශ‍‍්‍රිත සෑම රෝගයකටම ගුණදායකයි.

ඒ වගේම ඇග දැවිල්ල, තදබල හිසේ වේදනාව වැනි තත්ත්වවලදී සැවැන්දරා මුල් සිසිල් දියෙන් අඹරා කල්කයක් සාදාගෙන එය නළලේ ආලේප කරන්න. හිසේ වේදනාවක් නම් හිසේ ආලේප කරන්න. ඇග පත වේදනාවලදී ඇගේ ආලේප කරන්න. ඔබට එවිට ඉක්මන් සුවයක් ලබාගන්න පුළුවන්.

විටින් විට වමනය යෑමේ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් සැවැන්දරා, සුදු හඳුන්, ඉරිවේරිය, ආඩතෝඩ සහ වියළි ඉගුරු කළං තුන බැගින් අරගෙන එයට වතුර පත අටක් දමා පත එකට සිඳුවා උදේ සවස පානය කරන්න. මෙය වේල් කිහිපයක් පානය කිරීමෙන් වමනය රෝගී තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.

උෂ්ණ කාලයේදි සමහර අය මුහුණ දෙන රෝගී තත්ත්වයක් තමයි නාසයෙන් ලේ යෑම. එවන් රෝගී තත්ත්වයකදී සැවැන්දරා කෂාය සාදාගෙන එයට එළගිතෙල් ස්වල්පයක් මිශ‍‍්‍රකර පානය කරන්න. නාසයෙන් රුධිරය පිටවීම වැනි ශරීර අභ්‍යන්තරික රුධිරය පිටවන රෝග තත්ත්වවලට එය ගුණදායකයි.

ශරීරයෙන් රුධිරය පිටවන රෝග තත්ත්ව සුව කිරීමට නිෂ්පාදනය කර ඇති ශිරාසව ඖෂධයේ සැවැන්දර මුල් අන්තර්ගතයි. එය වෙළෙඳපොළෙන් ඔබට මිලදී ගන්නත් පුළුවන්. හන්දි රෝගවලට භාවිත කරන යෝගරාජ ගුග්ගුලූ ඖෂධයේත් සැවැන්දරා ඖෂධය අඩංගුයි.

සැවැන්දරා ශාකයේ ගුණ පොදුවේ ගත්තොත් මේ ශාකය බහුල වශයෙන් භාවිත කරන්නේ ශරීරයේ සිසිල්බව වැඩි කරන්නයි. සැවැන්දරා මුල් කුඩු ස්වල්පයක් වතුර වීදුරුවකට දමා වසා තබා එය උදේට පානය කර දවස පටන් ගන්නව නම් මුළු දවසම ඔබේ සිරුර සිසිල් ගුණයෙන් සමන්විතයි.

මම පෙර සඳහන් කළ දුගඳ හමන දාදිය ගඳ නැති කරන්න තවත් ඖෂධයක් සැවැන්දරා සම්පාදිතව සාදාගන්න ඔබට පුළුවන්. වියළි සැවැන්දරා මුල් කුඩු ස්වල්පයක් අරගෙන කිරි වීදුරුවකට දමා එයට සීනි ස්වල්පයකුත් මිශ‍‍්‍රකර දිනපතා උදේට පානය කරන්න. දුගඳ හමන දහදිය දැමීම නැති කර ඔබේ සිරුරට සිසිල්බවක් ලබාදීමට එය ගුණදායකයි.

ඔබ දිනපතා සැවැන්දරා මුල් කුඩු ස්වල්පයක් සමග සුදු හඳුන් කුඩු ස්වල්පයක් ඇල්දියෙන් මිශ‍‍්‍රකර මූණේ ගානව නම් කුරුලෑ ලප කැළැල් ඉවත්වී පැහැපත්, සිනිඳු සමකට හිමිකම් කියන්න පුළුවන්. දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉපැරැුුණි ග‍‍්‍රන්ථ වන චරක සංහිතාවේත්, සුශ‍‍්‍රැත සංහිතාවේත් සඳහන් ආකාරයට සැවැන්දරා කියන්නේ ශරීරයේ දැවිල්ල නැතිකර ශරීරයේ වර්ණය ලබාදී පැහැපත් සිනිඳු සමක් ලබාදෙන සුගන්ධවත් ඖෂධයක්. ඒ මතය පිළිගනිමින් අද වන විටත් විවිධ සුවඳ විලවුන්, සබන් වර්ග, ෂැම්පු වර්ග, ක්‍‍්‍රීම් වර්ග සහ තෙල් වර්ග සෑදීමට මේ සුවිශේෂී ඖෂධය භාවිත කරනවා.
උෂ්ණ බිබිළි, විසප්පු, කුෂ්ඨ වැනි චර්ම රෝගවලින් පෙළෙන පුද්ගලයන් දිනපතා ස්නානය කරන විට බැබිල මුල්, රත් හඳුන්, සැවැන්දරා මුල් කුඩු ලෙස අරගෙන වතුර බඳුනකට මිශ‍‍්‍රකර එයින් ශරීරය සෝදන්න. දෛනිකව මේ ඖෂධීය පැන්වලින් ඔබ ස්නානය කළොත් ඔබට සමේ ආසාදනවලින් ක්‍‍්‍රමක්‍‍්‍රමයෙන් සුවයක් ලබන්න පුළුවන්.තතතතරුධිරය පිටවන අර්ශස් රෝගයෙන් පෙළෙන රෝගීන් සැවැන්දරා මුල් සහ සුදු හඳුන් සමව ගෙන ඒවා හාල් සේ¥ වතුරින් අඹරා සීනි ස්වල්පයක් මිශ‍‍්‍රකර බීමට ගන්න. වේල් කිහිපයක් මේ ඖෂධීය පානය පානය කළොත් රුධිරය පිටවන අර්ශස් රෝගයෙන් මිදෙන්න හැකියාව පවතිනවා.

ඇතැම් අවස්ථාවලදී ගැස්ට‍‍්‍රයිටීස් රෝගය උත්සන්න වී බඩ දගලන දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී අමු සැවැන්දරා මුල් අරගෙන කොටා ඒ යුෂ පානය කළොත් ගැස්ට‍‍්‍රයිටීස් රෝගයෙන් ක්‍ෂණික සුවයක් අත්විඳින්න ඔබට පුළුවන්.

මේ සියලූම රෝග තත්ත්වයන්ට සුවයක් සලසන සැවැන්දරා කියන්නේ අධික උෂ්ණ කාලවලදි පවා ශරීරයට ඔරොත්තු දෙන ශීත ගුණයෙන් අනූන ඖෂධයක

අපගේ ේජැ ඉදදන පිටුවට කසනැ එකක් දෙන්න යාලූ‍වනේ
චදිඑ එක වටිනවානම් පහලින් ිය්රු කරන්න

Related Post

[sg_popup id=2]

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *