කසාද බැඳපු අලුත මෙහෙම වුණොත් බිරිඳ අනියම් පහසක් සොයා යාවි – පිරිමින්ට විශේෂයි.

ලිංගික අප්‍රාණිකත්වය යනු ලිංගික කාර්යයන් සදහා ලිංගික අවයවය ප්‍රමාණවත් ලෙස ප්‍රාණවත් කරගැනීමට ඇති නොහැකියාවයි., වයසක පුද්ගලයින් අතර මෙම තත්වය පොදුවේ දැකගන්නට පුළුවන් නමුත් තරුණ අවධියේ මෙවැනි තත්වයක් පැවතීම නම් අසාමාන්‍ය තත්වයක් බව හොදින් මතක තබා ගන්න. වාසනාවකට මෙම තත්වය සදහා සාර්ථකවූ ප්‍රතිකාරයන් ලබාගන්නට හැකියාව තිඛෙනවා., නමුත් එම තත්වය ඇතිවීම සදහා හේතුවී තිඛෙන සාධකයන් හොයාගැනීටනම් වැඩි කාලයක් ගත වෙනවා . පහතින් ඔබට දැනගන්නට පුළුවන් ඒ සදහා හේතුවෙන එහෙත් වැඩි දෙනෙක් නොදැන සිටින හේතුන් කිහිපයක් පිලිබදව.

දියවැඩියාව – දියවැඩියාව නොමැති පිරිමින් හා සසදා බලනවිට දියවැඩියා රෝගීතත්වය පවතින පිරිමින්ට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමේ අවධානම දෙගුණයකින් හා තුන්ගුනයකින්ම වැඩි බව සොයාගෙන තිඛෙනවා. රුධිරයේවූ සීනි මට්ටම ඉහල අගයක පැවතීම හේතුවෙන් ශාරීරික පෝෂකපදාර්ථයන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් , රුධිර ෙසෙල සහ හෝමෝන සංසරණයේ දෝෂයන් ඇතිවෙන අතර ඒ හේතුවෙන් ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති රුධිර වාහිනී වලට සහ ස්නායු වලට බලපෑමක් ඇතිවෙන්නට පුළුවන්., හිසකෙස් වැටීම සදහා වගේම පුරස්ථ ග්‍රන්ථිය සදහා භාවිතා කරන ඖෂධයන්
පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවී තිඛෙන රෝගී තත්වයන්ට සහ තට්ටය පැදීම ඇතැම් රෝගී තත්වයන් සදහා අරගනුලබන ඖෂධයන් හේතුවෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවිය හැකි බව ලිංගික ඖෂධයන් පිලිබදව වූ ඇමෙරිකානු ජර්නලය පවසා සිටිනවා. එම ඖෂධයන් මගින් රුධිරයේ ඇති ඇතැම් හෝමනයන් නිෂ්පාදනය අවම කරන නිසා පිරිමින්ගේ කාම ආශාව යටපත් කරනු ලබනවා., අධිරුධිර පීඩනය – අධිරුධිර පීඩනය හේතුවෙන් රුධිර වාහිනී මතට වැඩි බරක් පැටවී තිබීම නිසා රුධිර වාහිනී වලට එය හානිකර වෙනවා. කාලයත් සමග ශරීරය පුරා සිදුවෙන රුධිර සංසරණයටද එමගින් බලපෑමක් ඇතිවෙන අතර අධිරුධිර පීඩනය කියන තත්වය සදහා නියම කර සිටින ඖෂධයන්ද ලිංගික අප්‍රාණිකත්වය ඇතිකිරීමට දායක වෙනවා. එම ඖෂධයන් සදහා විකල්ප වූ ඖෂධයන් පවතිනවාද යන්න ඔබේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න., මානසික අවපීඩනය – බරපතල ලෙස පවතින මානසික අවපීඩන තත්වය හේතුවෙන් ලිංගික දෝෂයන් ඇතිවීමේ අවධානමක් පවතිනවා. ඒවගේම විශාදනාශක ඖෂධයන් භාවිතා කරන පුද්ගලයින් අතරින් හරි අඩක් තරම් වූ පිරිසකට ලිංගික දුෂකරතාවයන් ඇතිවීමේ අවධානමක්ද පවතිනවා.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

[sg_popup id=2]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *