කරකැවිල්ල ඔබටත් නිතරම හැදෙනවද? රෝග ගණනාවකට හේතු වෙන මේ කරකැවිල්ල හැදෙන හේතු ගැන ඔබත් වහාම දැනුවත් වෙන්න

විවාහක කාන්තාවකට නම් කැරකැවිල්ල බොහෝ විට සුබ ලකුණකි. ඒ එය දරු සම්පතක පෙර නිමිත්තක් විය හැකි නිසයි. එහෙත් බාල, තරුණ, මහළු විවිධ වයස් සීමාවල අයට ද නොයෙකුත් හේතූන් මත මෙය අත් දකින්නට සිදුවේ. කරකැවිල්ල ඉක්මනින් සුව වුණත් එය ගැන සුළුවෙන් නො සිතිය යුත්තේ එය රෝග ගණනක ලකුණක් වන බැවිනි. වාසනාවකට බොහෝ විට ඇති වෙන කැරකැවිලි තත්ත්වයන් රෝගී තත්ත්වයන් නොවෙයි.

කරකැවිල්ලට හේතු… – සුලබම හේතුවක් වන්නේ මොළයට ප‍්‍රමාණවත් තරම් රුධිරය ගමන් නොකිරීමයි. රුධිර පීඩනයේ හදිසි පහළ බැසීමක් හෝ වමනය කිරීම, ඩයරියා, උණ වැනි වෙනත් හේතු නිසා විජලනය ඇතිවීම ද කරකැවිල්ලට හේතුවෙයි. බොහෝ පුද්ගලයන්ට, විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්ට වැතිර සිට ඉක්මණින් අසුනෙන් නැගිටින විට කරකැවිල්ලක් ඇති වෙයි. සෙම්ප‍්‍රතිශ්‍යාව, අසාත්මිකතා හා ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන්හි දී මෙම ලක්ෂණය හටගනී. තරුණ හා වැඩිහිටි වැඩි දෙනෙකුගේ කරකැවිල්ලට හේතුව ඇතුලු කනෙහි කර්ණ ශංඛය ඉදිමී කි‍්‍රයාකාරිත්වය අඩු වීමයි., වයස්ගත පුද්ගලයන්ගේ කැරකැවිල්ලට තවත් හේතුවක් වෙන්නේ කුඩා මොළයට යන නහර බෙල්ලේ කශේරුකා අතර තෙරපීමයි. හෘදයාබාධයක් නිසා හෝ හද ගැස්ම අස්වාභාවික වීම නිසා අඝාතය (ස්ට්‍රෝක්) නිසා හා රුධිර පීඩනය බරපතල ලෙස පහළ බැසීම නිසා ඇති වෙන කරකැවිල්ල බරපතල ලක්ෂණයකි. මෙවැනි බරපතල තත්ත්වයක දී කරකැවිල්ලට අමතරව පපුවේ වේදනාව, අධික වේගයෙන් හද ගැසීම, කතා කිරීමට අපහසුවීම, පෙනීම අපැහැදිලි වීම වැනි වෙනත් ලක්ෂණ ඇතිවේ. මොළයේ ගෙඩි ද කරකැවිල්ලට හේතුවකි.

කරකැවිල්ලක් ඇතිවූ විට කළ යුතු දේ… -කරකැවිල්ලක් ඇති වුණේ සිටගෙන සිටිනවිට දී නම් එක් වරම හදිසියේම ඉරියව් වෙනස් කිරීමට යාමෙන් වළකින්න., පිපාසය හෝ කරකැවිල්ල ඇති විට හැකි තරම් ජලය පානය කරන්න, වමනය නිසා ජලය පානය කිරීම අසීරු නම් ඇතැම් විට රෝහල් ගතවී සේලයින් නහර ගත කිරීමට සිදුවේ.

කරකැවිල්ල සමග පහත ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. – හිසේ තුවාල, ෆැරන්හයිට් අංශක 101 ට වැඩි උෂ්ණත්වය, හිසරදය හා බෙල්ලෙහි දැඩි තද ගතිය, දිගින් දිගටම පවතින වමනය, පපුවේ වේදනාව, වේගයෙන් හද ගැසීම, හුස්ම ගැනීම අසීරුවීම, දුර්වලතාවය, අත් හා පා චලනය කිරීමේ අපහසුතාවය හෝ කතාවේ හෝ පෙනීමේ වෙනසක් සිදුවීම, මිනිත්තු කිහිපයක් ක්ලාන්තව හෝ සිහිසුන්ව සිටීම, කලින් කිසි දිනෙක කරකැවිල්ල ඇති නොවීම, පෙරදී ඇතිවූ කරකැවිල්ලට වෙනස් ස්වභාවයේ කරකැවිල්ලක් හට ගැනීම, ඖෂධ ගත් පසු ඇතිවීම, මෙහිදී රෝගියා හිතුමතේ ඖෂධ වෙනස් නොකර වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි., ඇසීම අඩුවීම, රුධිර පීඩනය මැනීම, ECG, කන් ඇසීමේ පරික්ෂණ, ස්නායු පරීක්ෂණ, MRI ආදී විවිධ පරීක්ෂණ ආධාරයෙන් වෛද්‍යවරයා කරකැවිල්ලට හේතුව සොයා ගත හැකියි. කන් ආසාදන, සෙම්ප‍්‍රතිශ්‍යාව, පීනස හා වෙනත් ශ්වසන ආබාධ ඇති විට ප‍්‍රතිකාර ගන්න. සෙම්ප‍්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සාව හෝ වෙනත් වෛරස් රෝග ඇති විට විජලනය මැළැක්වීම සඳහා හැකි තරම් ජලය පානය කරන්න. එවැනි පියවර මගින් කරකැවිල්ල ඇතිවීම අඩු කරගත හැකියි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

[sg_popup id=2]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *